Sunday, March 23, 2025

General line - 0115112241

අය වැය යෝජනා මගින් ආණ්ඩුවේ දිශානතිය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි බව ආර්ථික විශ්ලේෂකවරයෙකු පවසයි



ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය වැය යෝජනා මගින් වර්තමාන ආණ්ඩුවේ දිශානතිය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අයවැයට ඇතුළත් ඇතැම් යෝජනා සාධනීය මට්ටමේ පවතින බවයි.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීම පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා.

ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.