Saturday, February 22, 2025

General line - 0115112241

හරක් කටාට CIDයෙන් පැන යාමට අනුබල දුන් සිව් දෙනෙකු අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින හරක් කටා 2023 වසරේ ඉන් පළායාමට තැත් කර තිබුණා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ රවිඳු සන්දීප‍ නැමැත්තා හරක් කටාට ඉන් පළා යාමට සහාය ලබා දී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව අතුරුදන්ව සිටි එම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොයා විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුවයි අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.