අලුත්කඩේ උසාවිය තුළ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීවයි.
නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර ඇති බවට වාර්තා වනවා.
ගණේමුල්ල සංජීව ඉලක්ක කර වෙඩි ප්‍රහාර 04ක් හෝ 05ක් එල්ල වී ඇති බවටයි නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ.