පාතාල කල්ලි නායකයෙකු බවට කියන ගණේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ඔහු කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, නිල සුනඛ අංශ නිලධාරීන් ඇතුළු විමර්ශන කණ්ඩායම් පැමිණ වෙඩි තැබීම සිදු වූ අධිකරණ ශාලාව අසල විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.
මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සංකීර්ණය අවට ආරක්ෂාව දැඩිකොට ඇති අතර අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා.
පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව වෙඩි ප්‍රහාරයට ලක්වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.