කටාරයේ එමීර් Sheikh Tamim Bin Hamad Al Thani, දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
එහිදී ඔහුව පිලිගනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.
ඒ අනුව කටාරයේ එමීර්වරයාව පිළිගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නවදිල්ලියේ ගාන්ධි ගුවන් තොටුපලට පැමිණ සිටීම විශේෂත්වයකි.
නායකයින් දෙපළ උණුසුම් වැළඳ ගැනීමකින් ඔවුන්ව පිළිගන්නා අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
එමීර්වරයා සමග එරට අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික දූත පිරිසක් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද ඉන්දියාවට පැමිණ සිටිති