Saturday, February 22, 2025

General line - 0115112241

ඔන්මැක්ස් ඩී ටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි



ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ ඔන්මැක්ස් ඩී ටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු වන ගයාන් චාමර වික්‍රමතිලක නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින්.

ඔන්මැක්ස් ඩී ටී තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන එම සැකකරු විසින් බවයි පොලීසිය පැවසුවේ.

එම චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලීසිය කරුණු වාර්තාකර තිබූ අතර අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටියදී ඉකුත් 2023 වසරේදී එම සැකකරු විදේශගතව තිබෙනවා. 

අත්අඩංගුවට ගැණුනු සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

මෙම ඔන්මැක්ස් ඩී ටී පිරමීඩ යෝජනා ක්‍රමයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන් පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවකදී කරුණු අනාවරණ කළා.