Saturday, February 22, 2025

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉල්ලීම් කතානායක වැඩබලන පොලිස්පතිට යොමු කරයි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් වෙත ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම් යොමු කළ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තතු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ හැසිරීම හා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව සභාගත කරන බවද කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම වාර්තාව ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාව වෙත යොමු කරන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.