Saturday, February 22, 2025

General line - 0115112241

තැන තැන සිදු වූ පාතාල ක්‍රියාකාරම් ගැන මැති සබයේදී අනාවරණයක්.



මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා. 

එම වැඩපිළිවෙල ලබන සඳුදා දිනයේදී හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි විපක්ෂ නායකවරයා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ඉල්ලීමක් කළේ.

ඊට ප්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ තැන තැන සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සංවිධානාත්මක කල්ලියක වුවමනාව මත සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්නයක් යොමු කිරීමට උත්සාහ කිරීමේදී මැතිසබයේ උණුසුම් සංවාදයක් හට ගත්තා.