Tuesday, March 25, 2025

General line - 0115112241

තැන තැන සිදුවන වෙඩි තැබීම් නිසා මෙරට ආර්ථිකයටත් බලපෑම්



තැන තැන සිදුවන වෙඩි තැබීම් රටේ ආර්ථිකයට ද ඉතා අහිතකර ලෙස බලපාන බව ආර්ථික විද්වතුන් පවසනවා.

ඒ අනුව රටේ ආර්ථිකයේ අනාගත විශ්වාසනීයභාවය ඉහළ දැමීම සඳහා රජය එවැනි ක්‍රියා නතර කිරීමට පියවර ගත යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එවැනි අපරාධ නතර කිරීම සඳහා ජනතාව ද සහාය ලබාදිය යුතු බව මහාචාර්ය සුරංග සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වූ බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ. එමෙන්ම මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් රැසක් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.