ලෝක ක්‍රිකට් පිටියේ උණුසුම්ම හා වැඩිම අවධානයක් දිනූ තරගය ලෙස සැලකෙන ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් තරගයක් අද පැවැත්වෙනවා.
ඒ, ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේයි.
එම තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පකිස්ථානයයි.
එහෙත් ඉන්දියාව පකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව සහභාගී වන තරග ඩුබායිහිදී පැවැත්වීමට තීරණය කෙරුණා.
ඒ අනුව සත්කාරකත්වය දැරුව ද පකිස්ථානයට අද සිදුවන්නේ ඩුබායි වෙත ගොස් තරග වැදීමටයි.
එම තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 02.30ට ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම අද තරගය පකිස්ථානය පරාජයට පත්වුවහොත් තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමක් ද පවතිනවා.
ඒ, ඔවුන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත්වීම හේතුවෙන්.
මේ අතර, ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් වාර්තගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ, එංගලන්තය කඩුලු 05කින් පරාජය කරමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50දී කඩුලු 08කට ලකුණු 351යි.
ඕස්ට්‍රේලියාව 48වන පන්දුවාරයේදී ලකුණු 356ක් රැස්කරමින් තරගය ජය ගත්තා.
එය සැලකුණේ ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය ලෙසයි.