Sunday, February 23, 2025

General line - 0115112241

මින් ඉදිරියට මන්ත්‍රීවරු දූෂණ ගැන කතා නොකරනු ඇති බව මුජිබර් රහුමාන් කියයි 



මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත් මින් ඉදිරියට මන්ත්‍රීවරු දූෂණ ගැන කතා නොකරනු ඇති බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා 

සමග ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව එක වෙමින් ඔහු මේ බව පවසා සිටියා 

එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් 

" ස්වාධීන කොමිෂන් සභාව හැදුවේ නිලධාරීන්ට ඕනෑ විදිහට වැඩ කරන්න නෙමෙයි .

එදා ස්වාධීන කොමිෂන් පත්කරද්දී අනුර කුමාර මහතා ඒවාට සහාය ලබා දුන්නා රාජපක්ෂ පාලනයට එරෙහිව මිනිස්සු ඡන්දය දුන්නෙත් ඒ නිසයි 

දැන් පොලිස්පති කියනවා ස්වාධීන කොමිෂන් එපා කියලා එහෙම කරන්නේ කොහොමද 

පොලිස්පතිගේ ප්‍රකාශය රජයේ ප්‍රකාශයද කියලා අපට පැහැදිලි කරන්න ඕනෑ 

ඔවුන් බලයට ආවේ ස්වාධීන කොමිෂන් ශක්තිමත් කරනවා කියලයි 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකට අපහාස කරා 

මාලිමාවේ මන්ත්‍රීවරියක්ම ඊට විරෝධය පා තිබෙනවා ඔවුන් පවා මෙම ක්‍රමය එපා කියලයි කියන්නේ 

පාර්ලිමේන්තුව ක්ලීන් කරා කිව්වා ඒ උනාට හිටපු අයම වෙන වෙන නං වලින් ඇවිල්ලා ඉන්නවා වගේ පෙනෙන්නේ 

මින් ඉදිරියට මන්ත්‍රීවරු දූෂණ පිළිබඳව වංචා පිළිබඳව කතා කරයිද කියලා හිතන්න අමාරුයි ඔවුන්ටත් තර්ජන තිබෙනවා පාතාලයේ විතරක් නෙමෙයි විවිධ ආකාරයෙන් තර්ජන පැමිණෙන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට දැන් කිසිම ආරක්ෂාවක් නෑ 

එක්සත් ජාතික පක්ෂය එක්ක සාකච්ඡා දිගට යනවා ඉදිරි මැතිවරණයට අපි ලෑස්තියි 

මැතිවරණය කල් දාන්න කියලා කිව්වේ අයවැය විවාදය සහ විභාගය පැවැත්වෙන නිසයි 

නැවත රනිල් මහත්තයා එනවා කියලා තිබුණා නමුත් ඒ පක්ෂයේ ලේකම්වරිය කිව්වා එහෙම නෑ කියල 

නමුත් අනුර කුමාර කිව්වා අවුරුදු එකහමාරකින් කරන්න බැරි නම් දාලා යනවා කියලා 

එතකොට ඒ තනතුර දෙන්නේ රනිල්ට ද කියලා ඕගොල්ලොම අහල බලන්න"