Sunday, February 23, 2025

General line - 0115112241

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර



රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

එකවර රුසියානු ඩ්‍රෝන යානා 267ක් මගින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රුසියානු සහ යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට එක් ප්‍රහාරයකින් දියත් කළ වැඩිම ඩ්‍රෝන යානා සංඛ්‍යාව මෙය වන බවයි වාර්තා වන්නේ. 

යුක්‍රේන හමුදා පවසන්නේ එම ඩ්‍රෝන යානා ඛාර්කිව්, පොල්ටාවා, සුමි, කියෙව්, සයිටොමියර්, මයිකොලයි වැනි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් එල්ල කර ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 138ක් වලක්වා ගැනීමට ද යුක්‍රේනයට හැකි වී තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි යුක්රේනය තවමත් ප්‍රකාශ කර නැහැ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.