මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා
ඒ අනුව 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා
තවද ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවෙන බව ද එම නිවේදනයේ සඳහන් වනවා
"වෙරිටේ රිසර්ච්" සිදුකරන ජනමත විමසුමට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්