ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලිසිය මගින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් එම සැකකාරිය හඳුනාගැනීම සඳහා මහජන සහාය පතමින් පොලිසිය මීට පෙරද අදාළ කාන්තාවගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කළා. පොලිසිය අද නිකුත් කර ඇත්තේ විමර්ශන නිලධාරින් විසින් සොයාගත් සැකකාරියගේ මෑත කාලයේ ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක්.
Media on 2025.02.24 පැය 1420 අවශ්‍ය කරනු ලබන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පැතිම by nethsound on Scribd