ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශනය කිරීම එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව සහ වෙසක් පොහොයට පෙර කාල සීමාව තුළ සිදු කිරීමට අදහස් කරන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
බොහෝ දුරට අප්‍රේල් 18 වනදායින් පසු දින 10ක හෝ 12ක කාලයක් දළඳා ප්‍රදර්ශනය පැවැත්වීමට අදහස් කරන බවයි උන්වහන්සේ පැවසුවේ.
රටට සහ ජනතාවට යහපත සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් දළඳා ප්‍රදර්ශනය පැවැත්වීමට අදහස් කරන බවද පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.