Wednesday, May 7, 2025

General line - 0115112241

මෙවර අවුරුදු නැකැත් සීට්ටුව ගැනත් ගැටළුවක්



අවුරුදු නැකත් සකස් කිරීම සම්බන්ධව නිසි සැලැස්මක් සහිතව මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදක්වන ලෙස ජාතික ජෝතීර්වේදීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ ජාතික සංවිධායක රවිශංඛ සේනානායක මහතා පැවසුවේ සිය සංගමයේ නියෝජිතයින් එම ඉල්ලීම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවයි. 

නිවැරදිව අලුත් අවුරුදු නැකැත් කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ජෝතීර්වේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රවිශංඛ සේනානායක මහතා.