Tuesday, February 25, 2025

General line - 0115112241

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි



උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය  හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.