ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සඳහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අද දින අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳ දැනුවත්භාවයක් තිබූ බවත් ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වූ බවයි.
මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් “උසාවිය ළඟදී සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ අතර වෙඩි තැබිමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් ඒවා තිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.
එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කර තිබෙන්නේ අත්අඩංගුවට ගත් ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන තිබෙන්නේ ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කළා.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශන පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා.