ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති ඇයගේ මව සහ සහෝදරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.
මෙම ඝාතනයට පොලිස් නිලධාරීන්ගේද සහයක් තිබුණාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.