Wednesday, February 26, 2025

General line - 0115112241

සුරාබදු කොමසාරිස්ගේ නමින් සල්ලි ගරන ජාවාරමක්



සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නම භාවිත කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පැවසුවේ තමා ලෙස පෙනී සිටිමින් කිසියම් පුද්ගලයෙකු විසින් බලපත්‍රධාරීන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇති බවයි.

පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයකට මුදල් තැන්පත් කරන ලෙස සැකකරු ඉල්ලා ඇති බවද ඔහු පැවසුවා.

මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමාගේ නම භාවිත කරන කිසිදු තැනැත්තෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා ඉල්ලා සිටිනවා.