Wednesday, March 12, 2025

General line - 0115112241

මියන්මාරය ඉන්දියාවට අත දිගු කරයි



මියන්මාරය අසල්වැසි ඉන්දියාව සමඟ සිය සබඳතා පුළුල් කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාව සමඟ වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීම මියන්මාරයේ අරමුණ වී ඇති බවයි. 

දුර්ලභ පෘථිවි ඛනිජ අපනයනය කිරීමට ද මියන්මාරය සූදානමින් සිටින බව පැවසේ. 

මියන්මාරයේ දුර්ලභ පෘථිවි අපනයනයෙන් වැඩිම කොටස චීනය සතු වේ.

මියන්මාරය ඉන්දියාව දෙසට යොමුවීමට සූදානම් වන්නේ එරට ඛණිජ සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් චීනය ලබා ගන්නා පසුබිමක් තුළයි.

මියන්මාරය විශේෂයෙන් විදුලිය සඳහා අවශ්‍ය දුර්ලභ පෘථිවි ඛනිජ වලින් පොහොසත් වේ. 

ඉන්දියාව යනු මියන්මාරයේ සිව්වන විශාලතම වෙළඳ හවුල්කරුවායි.

දෙරට අතර වර්ධනය වූ මෑත කාලීන ව්‍යාපාරික සහයෝගීතා මෙමගින් ඉස්මතු වේ.

ඉන්දියාව දැනට මියන්මාරයේ අනුමත ආයෝජනයක් සහිත එකොළොස්වන විශාලතම ආයෝජකයා වේ.

ඒ, ඉන්දියානු ව්‍යවසායන් 39 ක් විසින් අනුමත කරන ලද ඩොලර් මිලියන 782.821 ක ආයෝජනයක් සමගයි.