පකිස්තානයේ Khyber-Pakhtunkhwa හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක Ihtesham Ali එම පළාතේ තවත් වඳුරු උණ (monkeypox - mpox) ආසාදනය වූ රෝගියෙකු තහවුරු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වාර්තා කරයි.
ඔහුට අනුව, මෙය K-P හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු mpox රෝගියා වේ.
මීට පෙර, වාර්තා වූ සියලුම සිද්ධීන් විදේශ සංචාර වලින් ආපසු පැමිණෙන පුද්ගලයින් අතර හඳුනාගෙන ඇත.
මෙවර වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ කාන්තාවක් වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා ගල්ෆ් රටක සිට මෑතකදී ආපසු පැමිණ ඇති බව ද වාර්තා විය.
පකිස්තානයට පැමිණි විගස ඔහු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ නමුත් පසුව, ඔහු mpox ආසාදිතයෙකු බව සොයාගෙන තිබේ.
බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඳුරු උණ රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසයි.
සැක සහිත රෝග ලක්ෂණ මතු වුවහොත් ළඟම ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබේ.