මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඒ, අද පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී ඔහු පවසා ඇත්තේ ඒ සඳහා මැතිවරණ නීතියද සංශෝධනය විය යුතු බවයි.