කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර දේශපාලන පළිගැනීම් මත කිසිදු පරික්‍ෂණයක් සිදු නොවන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ප්‍රශ්න කිරීම් සඳහා විවිධ පුද්ගලයින් කැඳවන්නේ ඔවුන්ගේ තරාතිරම නොසලකා බවයි.
පාතාල ක්‍රියාකාරකම් හදිසියේ වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ පරික්‍ෂණයක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අද පිළිතුරු ලබා දෙමින්.