පෞද්ගලික පරිහරණය සඳහා මෙරටට ගෙන්වූ පළමු වාහන තොගය ලබන සතියේ සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව වාහන ආනයනකරුවන් පවසනවා.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ ලබන මාසයේදී තවත් වාහන තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.
වසර 5කට පසුව මෙරට ආනයන සීමා ලිහිල් කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ගෙන්වූ පළමු මෝටර් රථ තොගය ඊයේ කොළඹ වරායට පැමිණියා.
මෙලෙස ගෙන්වා ඇත්තේ 2024 වසරේ නිෂ්පාදිත මෝටර් රථයි.