Thursday, February 27, 2025

General line - 0115112241

අයවැය කාරකසභා අවස්ථා විවාදය අද සිට දින 19ක්



2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වනවා.

විවාදය දින 19ක් පැවැත්වීමට නියමිතයි. එය අවසන් වන්නේ මාර්තු 21 වනදායි.

2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා සවස 06ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ඉකුත් 25 වනදා වැඩි ඡන්ද 109කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46ක් පමණයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.