අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය අදයි. ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 21ක් අද දිනයේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනු අතර එම වැය ශිර්ෂ අතරින් කිහිපයක් සංශෝධන සහිතවත් අනෙක් වැය ශීර්ෂයන් සංශෝධන රහිතවත් සම්මත වුණා.
මෙම විවාදයට එක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කළා.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේ මෙලෙසයි.
විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා මෙලෙස අදහස් පළ කළා.
විවාදයට එක්වූ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් වත්මන් ආණ්ඩුව විසින් අවම කර ඇති ආකාරය සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
මෙම විවාදයට එක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා හිටපු කතානායකවරුන්ගේ වියදම් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ කළා.
අයවැය කාරක සභා විවාදය හෙට දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.