Thursday, February 27, 2025

General line - 0115112241

ඩිජිටල් සේවා සඳහා පැනවූ බද්දට පාර්ශව රැසක විරෝධය



තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් පැනවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

සමගි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ ආණ්ඩුව මෙම ක්ෂේත්‍රයට වසර කිහිපයක් සහයදීමක් සිදු නොකර එක්වරම මෙවැනි බද්දක් පැනවීම සුදුසු නොවන බවයි.  


ජාතික නිදහස් පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද කියා සිටියේ ඩොලර් උත්පාදනය කරන ඩිජිටල් සේවා සඳහා බදු පැනවීම අදූරදර්ශී තීරණයක් බවයි.