Saturday, March 1, 2025

General line - 0115112241

ආරක්‍ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයකට පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක්



2025 අයවැයේ ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේදී විවාදයට ගෙන අද සම්මත කර ගැණුනා.

එහිදී එක් වැය ශීර්ෂයක් සංශෝධන සහිතව සම්මත වූ අතර අනෙක් වැව ශීර්ෂ සංශෝධන රහිතව සම්මත වුණා.

ආරක්‍ෂක අමාත්‍යංශයට අයත් අංක 103 දරණ වැය ශීර්ෂය සම්මත කර ගැණුනේ ඡන්ද විමසීමකින් අනතුරුවයි.

එම වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 88ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 10ක්.