උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරුවීම් නොලැබීම නිසා දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව වාර්තා වනවා.
සාමාන්‍යයෙන් වසර තුනකට වරක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට ස්ථානමාරු හිමි වුවද වසර තුනකට වඩා දීර්ඝ කාලයක් සේවය කරමින් සිටින ස්ථානාධිපතිවරුන් 30 දෙනෙකු පමණ උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානවල සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඇතැම් ස්ථානාධිපතිවරුන් වසර 05ක පමණ කාලයක් ස්ථාන මාරුවීම් නොලැබ සිටින බවද එහිදී නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් මින් පෙර අවස්ථාවල ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට පැමිණිලි කළත් ඊට විසඳුමක් මෙතෙක් ගෙන නැහැ.
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ඉකුත්දා ස්ථාන මාරුවීම් ලබාදුන්නද එහිදීද මෙම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසට ස්ථාන මාරුවීම් නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත්තේ.