Monday, May 12, 2025

General line - 0115112241

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි දිවි ගමනට සමුදෙයි 



ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා 

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි .

කලක සිට රෝගාතුරුව සිටි ඇය අභාවප්‍රාප්ත වන විට 61වන වියේ පසුවුනා 

සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකට සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය  රංගනයෙන් දායක වී තිබෙනවා එමෙන්ම  මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ඇතුළු ටෙලි නාට්‍ය රැසකට සිය රංගනයෙන් දායක වූ ඇය ශ්‍රී ලාංකිකයින්ගේ ජනාදරයට පාත්‍ර වී සිටියා.