Saturday, March 1, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකරුවන් මිනුවන්ගොඩ සහ දූනගහ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 19වනදා අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කෙරුණා.

එම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.