Saturday, March 1, 2025

General line - 0115112241

ඉන්ධන පෝලිම් තවදුරටත් - ඉන්ධන නොමැතිව ඇතැම් පිරවුම්හල් වසා දැමේ

රවින්ද්‍ර චන්ද්‍රලාල්-ටී කේ මහින්ද- කමල් සුරවීර-මාධව කුලසූරිය



ඉන්ධන ඇණවුම් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ගත් තීරණය හේතුවෙන් තවදුරටත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝළිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව ගාල්ල ප්‍රදේශයේද ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝළිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.


මාතර සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත තොරතුරු සොයාබැලුවා නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.


මහනුවර සහ අවට ප්‍රදේශවලද තවදුරටත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝළිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවා. 


කෙසේවෙතත් කොළඹ සහ අවට ප්‍රදේශවල බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් මේ වන විට දක්නට නොලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරු  කියා සිටියා.

මේ අතර උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල්වල සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.


තමන්ට මෙතෙක් හිමිවූ සියයට තුනක වට්ටම් මුදල අහෝසි කිරීමට ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති තීරණය හකුලා නොගන්නේ නම් රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ දිනයේ ප්‍රකාශ කළා.