Saturday, March 1, 2025

General line - 0115112241

ඉන්ධන ගැන අනිසි බියක් ඇති නොකර ගන්නා ලෙසට ජනතාවට දැනුම්දීමක්



ඉන්ධන සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගන්නා ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග අද දිනයේ ද ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කළ බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ. 


ඉන්ධන තොග ඇණවුම් නොකරන බවට ඊයේ දිනයේ ප්‍රකාශ කළ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද ඉන්ධන තොග ලබාගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මේ අතර ඉන්ධන ඇණවුම් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ගත් තීරණය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පැවති දිගු පෝළිම් ද මේ වන විට දක්නට නොලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.