Saturday, March 1, 2025

General line - 0115112241

IMF සිව්වන වාරිකය හිමි වූ හේතුව රජය පැහැදිලි කරයි



ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වීම හේතුවෙන් විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට සිව්වන වාරිකය හිමි වූ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

ඒ අනුව ණය වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 344ක් හිමිවන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මීට පෙර රජයන් එකඟව සිටි ඇතැම් යෝජනා ජනතාවට හිතකර මට්ටමින් සංශෝධනය කිරීමට වත්මන් රජයට හැකි වූ බවද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.