යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔවුන් ලන්ඩනයේ ඩව්නිං වීදියේදී පිහිටි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවසේදී හමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා විසින් යුරෝපීය නායකයින් සමඟ තීරණාත්මක සමුළුවකට ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු එලෙස බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සමඟ සිදු වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසුවයි.
යුක්‍රේන ජනාධිපතිවරයා සහ ට්‍රම්ප් අතර ධවල මන්දිරයේ පැවති සාකච්ජාවක් අතරතුරදී එම සිදුවීම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙසට දැනුම්දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් අමෙරිකානු ජනධිපතිවරයාගේ සහාය යුක්‍රේනයට අවශ්‍ය වන බවයි යුක්‍රේන ජනධිපතිවරයා පවසන්නේ.
එම වචන හුවමාරුවෙන් පසුව යුක්‍රේන වැසියන් විසින් ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කිට සහාය දක්වන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.