Monday, March 3, 2025

General line - 0115112241

මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමට අදාලව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 



දෙහිවල පොලිස් වසමේ වෛද්‍ය පාර ප්‍රදේශයේදී මාධ්‍යවේදී ක්‍රිත් නොයර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ඒ නවගත්තේගම හා ඇලයාපත්තුව පොලිස් වසම් වලදී 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි කරුවන් වනවා 

මෙම සැකකරුවන් යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු  වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ 

මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා