මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටී තවත් වන අලියෙකු තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන 08.30ට පමණ මනම්පිටිය, මගවැලි පාලමට ආසන්නයේදී වන අලියෙකු එලෙස දුම්රියක ගැටී අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි මනම්පිටිය වනජීවී කාර්යාලය පැවසුවේ.
සෝමාවතී වනෝද්‍යානයේ සිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට මාරුවෙමින් සිටි වන අලියෙකු එලෙස දුම්රියේ ගැටී ඇති අතර එම වන අලියා අවුරුදු 25ක් පමණ වයස පිරිමි සතෙකු බවයි මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ.
දුම්රියේ ගැටුණු එම වන අලියා මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර අනතුරෙන් දුම්රිය සිල්පර කොට කීපයකට හානි සිදුව තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සහ වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවෙමින් සිටින බවද මනම්පිටිය වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවා.