අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් අද දිනයේ විවාදයට ගැනෙනවා.
මේ අතර බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඊයේ දිනයේදී විවාදයට ගැණුනා.
එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. එළඹෙන ජූනි මස 27 වනදා වන විට විදුලිබල පනතට සංශෝධන සිදුකර අවසන් කරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.
මෙම විවාදයට එක් වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ සූර්ය බලයෙන් හා සුළං බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති සඳහා අඩුම මුදලකට ටෙන්ඩර් ලබා ගැනීමට හැකි වූයේ වත්මන් රජයට බවයි.