සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ, නවසීලන්තයේ නේපියර් හීදීයී.
තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිස සිටිනවා.
දෙරට අතර තරගාවලියට එක්දින තරග 03ක් ඇතුළත්. පන්දු වාර විස්සයි විස්ස තරග 03ක්ද තරගාවලියට අයත් වනවා.
මේ අතර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතරයි.
තරගය සවස 02.30ට ආරම්භ වන්නේ ඩුබායි හීදීයි.