Tuesday, March 4, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා පළමු එක්දින තරගය වැස්සට සේදෙයි



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ 37 වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.    

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 66යි. 

මේ අතර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දැන් පැවැත්වෙනවා.

ඒ, ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාවේ සියලු දෙනා ලකුණු 264කට දැවී ගියා. නායක ස්ටීව් ස්මිත් ලකුණු 73යි.