වෛද්‍යවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සිටිය ද තම ගැටළුව සම්බන්ධයෙන් කිසිවෙකුත් අදහස් පළ නොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ඔවුන්ගෙන් බහුතරය වෛද්‍යවරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය හොඳින් දන්නා බවයි.
වෛද්‍යවරුන්ට දැනට ලැබෙන්නේ ද ලැබිය යුතු අතිකාල දීමානාවටත් වඩා අවම අගයක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ආණ්ඩුවට මේ මොහොතේ ලබාදිය හැකි උපරිම වැටුප් වැඩිවීමක් ලබාදී ඇති බවයි.
මෙම ගැටළුව මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව කල් දැමීමට ඊයේ තීරණය කළා.