කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකලක් ඇතුළත E8 පළමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවයි.
මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතාවලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.