තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කළ වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පැල්මඩුල්ල පොලිස් ස්ථානය මගින්.
ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල ප්‍රදේශයේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට 2024 වසරේ ඔක්තෝබර් මස අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශන අනුවයි එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන්.