පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බව නීතිඥ සංජය එස් ආරියදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අධිකරණයට භාර වීම සහ ඉන් පසු ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉතා හොඳ අවබෝධයක් ඇති බවයි.
ඔහු මෙහිදී කියා සිටියේ වරෙන්තුව නිකුත් වී පමණටත් වඩා වැඩි කාලයක් දැන් ගතවී ඇති බවයි.
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වීම හා ඉන් පසු ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා නොදැන සිටීමට දැන් කිසිදු ඉඩක් නොමැති බවයි නීතිඥ සංජය එස් ආරියදාස මහතා පැවසුවේ.
නීතිඥ සංජය එස් ආරියදාස මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.