තමන්ට ග්ලූකෝමා රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගෙන් සියයට 90ක්ම හඳුනාගෙන නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ පුද්ගලයින් 100 දෙනෙකු ගත් කළ ඉන් 3යි දශම දෙකකට ග්ලූකෝමා වැළඳීමේ අවදානමක් පවතින බවයි.
ග්ලූකෝමා රෝගයේ අවදානම කෙබඳුඳ?
ග්ලූකෝමා රෝගී තත්ත්වය ලෝකයේ අන්ධභාවයට හේතු අතරින් දෙවන ස්ථානයයි.
2020 වසරේ කරන ලද සංගණනයේදී මිලියන 79ක් පමණ මෙම රෝගයට ගොදුරුවී තිබුණා.
2040 වන විට එය මිලියන 111ක් දක්වා වැඩි වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
2020 වසරේ කරන ලද සංගණනයේදී හෙළි වී ඇත්තේ ග්ලූකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ඇස් දෙකම අන්ධ වූ පිරිස මිලියන 10කට ආසන්න බවයි.