සාම්ප්‍රදායික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.
නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිඹිබු වන අයුරින් එම සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
නගර මෙන්ම ගමද සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කර ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එම සංවර්ධන ක්‍රියාවලියේදී ග්‍රාමීය සංස්කෘතිය හා ජන ජීවිතයේ අනන්‍යතා සුරක්ෂිත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා.