අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඔහු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේදීයි.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව මර්වින් සිල්වා මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137 ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75 ක් මුදලක් වංචා කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා.