ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා .
එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42කට පමණක් බවයි සඳහන් වන්නේ .
2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසර තුළ ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබෙනවා .
එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.
ඒ අනුව රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවට හිමිවනවා.
ස්ථාන 99ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇත්තේ ඉරානය සහ සුඩානය යන රටවල්
ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවලට හිමිව තිබෙනවා .
ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියානු කලාපීය රටක් වන ඇෆ්ගනිස්තානයයි.