Thursday, March 6, 2025

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්



ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ මේ වන විට හමාස් අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල ජාතිකයන් වහාම නිදහස් කළ යුතු බව පවසමින්.

ඩොනල් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ  සෘජු සාකච්ඡා පවත්වන බව ධවල මන්දිරය තහවුරු කිරීමෙන් පසුවයි.

අදාළ සාකච්ඡාවලට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සමගද සාකච්ඡා කර ඇති බව සඳහන්. 

ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර, මිය ගිය ඊශ්‍රායල ජාතිකයන්ගේ මළසිරුරු හැකි ඉක්මනින් ඊශ්‍රායලට ලබා දිය යුතු බවයි.

එසේ නොකළහොත් හමාස් සංවිධානයේ කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂිත නොවන බවයි ඔහු පවසා ඇත්තේ.

මීට අමතරව හමාස් නායකයන් විසින්  ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.